නීති විරෝධීව ඉන්ධන ගබඩා කර තබාගත් 675ක් කොටු

නීති විරෝධීව ඉන්ධන ගබඩා කර තබාගත් 675ක් අත්අඩංගුවට

by Staff writer 25-06-2022 | 5:08 PM

COLOMBO (News 1st) - බලපත්‍ර නොමැතිව නීතිවිරෝධීව ඉන්ධන ගබඩා කර තබා ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 675 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

ඔහු පැවසුවේ, අත්අඩංගුවට ගත් සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවය. මේ අතර කන්කකැටිය හා මනිපායි යන ප්‍රදේශවලදී බලපත්‍ර නොමැතිව නීති විරෝධීව ඉන්ධන ගබඩා කරගෙන සිටි සැකකරුවන් 5 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.