by Staff Writer . 25-06-2022 | 11:30 AM
COLOMBO (News 1st): වැල්ලවාය නගරයේ ඉන්ධන පිරවුම්හලක් අසල ඇතිවූ ගැටුමකින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඊයේ(24) රාත්‍රි ඉන්ධන ලබා ගැනීමට පැමිණි පුද්ගලයින් දෙපිරිසක් අතර එම ගැටුම හටගෙන ඇති බවය.
තණකොළ කපන යන්ත්‍රයකට ඉන්ධන ලබා ගැනීම සඳහා පුද්ගලයෙකු පිරවුම්හලට පැමිණ ඇති අතර ඔහු සමග ත්‍රිරෝද රථයක සිටි පුද්ගලයින් 4 දෙනෙකු ආරවුලක් ඇති කරගෙන තිබේ.
එය දුරදිග යාමෙන් තණකොළ කපන යන්ත්‍රය රැගෙන ආ පුද්ගලයා විසින් තියුණු ආයුධයකින් පහරදී ත්‍රිරෝද රථයේ පැමිණි පුද්ගලයින් 4 දෙනාට තුවාල සිදුකර ඇති බව පොලිස් මධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.
ඔහු පැවසුවේ තුවාලකරුවන් වැල්ලවාය රෝහලට ඇතුළත් කර ඇති බවය.
ඊයේ රාත්‍රියේ සිදුවු එම ගැටුම සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක වේ.