ගෙවුණු දවස උණුසුම් කළ පුවත්

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්

by Staff writer 25-06-2022 | 6:00 AM
දේශීය පුවත් 1. සමාවෙන්න: පෙට්‍රල් නැව තවදුරටත් ප්‍රමාදයි.. – ඇමති කංචන – පෙට්‍රල් නෞකාව මෙරටට පැමිණීම තවදුරටත් ප්‍රමාද වන බවත්, ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. 2.ධම්මික පෙරේරා ඇමති ධුරයේ දිවුරුම් දෙයි.. – ධම්මික පෙරේරා මහතා, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි. 3.අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාව අත්හරින්නේ නැහැ… යුරෝපා තානාපතිවරු ජනපති හමුවේ කියති – අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාව අත්නොහැර සහය ලබාදෙන බව යුරෝපා කලාපයේ රටවල්වල තානාපතිවරුන් ඊයේ (24)ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ පවසා තිබේ. 4.අධිකරණයේ පෙනී සිටින්නැයි ජොන්ස්ටන්ට සිතාසි.. – ලබන මස 4 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකුට කොළඹ මහාධිකරණය සිතාසි නිකුත් කළේ ය . 5.කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් සියලු ආයතනවල සේවකයින්ගේ නිවාඩු අත්හිටුවයි.. – යූරියා පොහොර කාර්යක්ෂම බෙදා හැරීම කාර්යක්ෂම කිරීම සඳහා ලබන මස 06 වැනිදා කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් සියලු ආයතනවල සේවකයින්ගේ නිවාඩු අත්හිටුවීමට තීරණය කර තිබේ. විදෙස් පුවත් 1.යුක්‍රේනයට යුරෝපා සංගම් සාමාජිකත්වය – යුක්‍රේනයට යුරෝපා සංගම් සාමාජිකත්වය ලැබී තිබේ. ක්‍රීඩා පුවත් 1.5වන තරගයේ ජය ඔස්ට්‍රේලියාවට: ශ්‍රී ලංකාව 3-2ක් ලෙස එක්දින තරගාවලිය ජය ගනී.. – ශ්‍රී ලංකාව සමග පැවැති 5 වැනි එක්දින ක්‍රිකට් තරගය ඔස්ට්‍රේලියාව කඩුලු 4කින් ඊයේ (24) ජය ගත්තේය.