ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ

ඔස්ට්‍රේලියාවට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ

by Staff writer 25-06-2022 | 3:40 PM

COLOMBO (News 1st) - ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

දිමුත් කරුණාරත්න එම කණ්ඩායම මෙහෙයවන අතර නිමා වූ බංග්ලාදේශ සංචාරයට ඇතුළත් වූ ඇන්ජලෝ මැතිව්ස්, ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල, චාමික කරුණාරත්න ද ඇතුළත් වේ. මේ අතර බංග්ලාදේශ තරග සංචාරයට ඇතුළත් වූ කමිල් මිශාර සහ සුමින්ද ලක්ෂාන් වෙනුවට ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා ඇත්තේ, පැතුම් නිස්සංක සහ ජෙෆ්රි වැන්ඩසේ ය. දුනිත් වෙල්ලාලගේ සහ ලක්ෂිත රසාංජන අතිරේක ක්‍රීඩකයින් ලෙස නම් කර ඇත. තරග 2 කින් සමන්විත තරගාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එය ලබන 29 වැනි දා ආරම්භවීමට නියමිතය. ඒ අනුව සංචිතය මෙසේය, 1. දිමුත් කරුණාරත්න - නායක 2. පැතුම් නිස්සංක 3. ඕෂධ ප්‍රනාන්දු 4. ඇන්ජලෝ මැතිව්ස් 5. කුසල් මෙන්ඩිස් 6. ධනංජය ද සිල්වා 7. කමිදු මෙන්ඩිස් 8. නිරෝෂන් දික්වැල්ල 9. දිනේෂ් චන්දිමාල් 10. රමේෂ් මෙන්ඩිස් 11. චාමික කරුණාරත්න 12. කසුන් රාජිත 13. විශ්ව ෆර්නැන්ඩෝ 14. අසිත ෆර්නැන්ඩෝ 15. ඩිල්ෂාන් මධුසංක 16. ප්‍රවීන් ජයවික්‍රම 17. ලසිත ඇඹුල්දෙණිය 18. ජෙෆ්රි වැන්ඩසේ