අත්‍යවශ්‍ය ආහාර වර්ග 10ක් ආනයනයට යළි අවසර

අත්‍යවශ්‍ය ආහාර වර්ග 10ක් විවෘත ගිණුම් ක්‍රමය යටතේ ආනයනය කිරීමට යළි අවසර

by Staff writer 25-06-2022 | 3:18 PM

COLOMBO (News 1st) - ජූලි මස 01 වැනිදා සිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10 ක් සීමාසහිත ප්‍රමාණයන්ගෙන් විවෘත ගිණුම් ක්‍රමය යටතේ ආනයනය කිරීමට යළි අවසර ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ, හාල්, පාන්පිටි, සුදු සීනි, රතු පරිප්පු, කිරිපිටි, ලොකු ළුෑණු, අල, වියළි මිරිස්, වියළි හාල්මැස්සන් සහ වටානා පරිප්පු යන ආදියයි. ඒ, අනුව ජූලි 01 වැනි දා සිට ඉදිරි මාස 2 ක කාලයක් සඳහා එම අවසරය ලබා දෙන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව පාරිභෝගික ජනතාවට ලබාදීම සඳහා මෙම තීරණය ගත් බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.