ඇතුල්කෝට්ටේ ඇතුළු ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්..

ඇතුල්කෝට්ටේ ඇතුළු ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්..

ඇතුල්කෝට්ටේ ඇතුළු ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්..

කර්තෘ Staff writer

25 Jun, 2022 | 7:45 am

COLOMBO (News 1st) –  අද(25) රාත්‍රී 10.00 සිට හෙට උදෑසන 8.00 දක්වා පැය 10 ක් ඇතුල්කෝට්ටේ ඇතුළු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව පිටකෝට්ටේ, බැද්දගාන , මිරිහාන, මාදිවෙල , තලපත්පිටිය, උඩහමුල්ල, ඇඹුල්දෙණිය, නුගේගොඩ, පාගොඩ සිට විජේරාම හන්දියේ හයිලෙවල් මාර්ගයේ හතේ කණුව සහ ඊට සම්බන්ධ අතුරු මාර්ගවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

නුගේගොඩ හන්දියේ සිට නාවල විවෘත විශ්වවිද්‍යාල පාර සහ ඊට සම්බන්ධ අතුරු මාර්ගවලට ද අද(25) රාත්‍රී 10.00 සිට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය සදහන් කළේ ය.

අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක්, ඊට හේතු වී තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]