රාජ්‍ය සේවකයින් පෞ. රැකියාවලට යොමු කිරීමට අවධානය

රාජ්‍ය සේවකයින්ට පෞ. රැකියාවලට යොමුවිය හැකි ද යන්න සෙවීමට කමිටුවක්

by Staff Writer . 24-06-2022 | 9:24 AM

COLOMBO (News 1st) –  රාජ්‍ය සේවකයින්ට මෙරටදීම පෞද්ගලික රැකියා සඳහා යොමුවීමට පහසුකම් ලබා දිය හැකි ද යන්න සෙවීම සඳහා කමිටුවක් පත් කර තිබේ.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ මහතා සඳහන් කළේ, වසර 5 ක වැටුප් රහිත නිවාඩු මත රාජ්‍ය සේවකයින්ට පෞද්ගලික අංශයේ හෝ වෙනත් රැකියාවක නියුක්ත වීම සඳහා අවසර දිය හැකි ද යන්න මෙහිදි අධ්‍යයනය කරන බවයි.‍ පත් කළ කමිටුවට සාමාජිකයින් 7 කු ඇතුළත් ය. සති දෙකක් ඇතුළත එම වාර්තාව තමන්ට ලබා දෙන උපදෙස් දුන් බවද ඔහු ප්‍රකාශ කළා. එහි නිර්දේශ කඩිනමින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි