by Staff Writer . 24-06-2022 | 3:25 PM
COLOMBO (News 1st) – වෛද්‍යරුන් හෙදියන් ඇතුළු සෞඛ්‍ය සේවාවන්ට අයත් වෘත්තිකයින් රැසකට ඉන්ධන නොලැබීම හේතුවෙන් අද විවිධ ප්‍රදෙශවල විරෝධතා පැවතිණ.
ඔවුන් චෝදනා කළේ සෞඛ්‍ය කාර්යය මණ්ඩල සඳහා සෑම සිකුරාදාවකම ඉන්ධන නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් අද සිට ක්‍රියාත්මක කරන බව පැවසුවත් ඇතැම් පිරවුම්හල්වල එය නිසි පරිදි ක්‍රියාත්මක නොවූ බවයි.
ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන තොග නොපැවතීමද මෙම තත්වය උග්‍ර කිරීමට හේතුවිය.
පුත්තලම කුරුණෑගල ප්‍රධාන මාර්ගය පුත්තලම රෝහල අසලින් අවහිර කරමින් සෞඛ්‍ය සේවකයින් විරෝධය පළ කළේ තමන්ට ඉන්ධන ලබා දෙන්නැයි ඉල්ලමිනි.
ඔවුන් ප්‍රකාශ කළේ, දිවයින පුරා තෝරාගත් ඉන්ධන පිරවුම්හල් 74 කදී සෞක්‍ය කාර්යය මණ්ඩලය සඳහා ඉන්ධන නිකුත් කිරිමට වෙන් කර තිබියදී තමන් තවදුරටත් අපහසුතාවට පත්ව ඇති බවයි.
සෞඛ්‍ය සේවකයින් පැවසුවේ පුත්තලම 2 කණුව ප්‍රදේශයේ ඉන්ධපන පිරවුම්හල සෞඛ්‍ය සේවකයින් සඳහා වෙන් කර තිබුණත් මේ දක්වා එම පිරවුම්හලට ඉන්ධන ලැබි නොමැති බවයි.
ගම්පහ සෞඛ්‍ය සේවකයින්ටත් අද ඉන්ධන නොලැබිණ.
පොළොන්නනරුව කදුරුවෙල ඉන්ධන පිරවුම්හලේ පෝලිම අද උණූසුම් වුණේ, සෞඛ්‍ය සේවකයින්ට ප්‍රමුඛත්වය ලබා දීමට ගත් තීරණයට විරෝධය පළ කිරිමත් සමගයි.