කෘෂිකර්ම අමාත්‍යාංශ ආයතනවල සේවකයින්ට නිවාඩු නෑ

කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් සියලු ආයතනවල සේවකයින්ගේ නිවාඩු අත්හිටුවයි..

by Staff writer 24-06-2022 | 3:48 PM

COLOMBO (News 1st) – යූරියා පොහොර කාර්යක්ෂම බෙදා හැරීම කාර්යක්ෂම කිරීම සඳහා ලබන මස 06 වැනිදා කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් සියලු ආයතනවල සේවකයින්ගේ නිවාඩු අත්හිටුවීමට තීරණය කර තිබේ.

ඒ, විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මතයි. මෙරටට ළඟා වන යූරියා මෙට්‍රික් ටොන් 65,000 ලබන මස 07 වැනිදා සිට 15 වැනිදා දක්වා ගොවිජන මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කර ගොවීන් අතට පත් කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර තිබේ. අදාළ කාලය තුළ කෘෂිකර්ම අමාත්‍යාංශය , ගොවිජන සේවා දෙපාර්තමේන්තුව , ජාතික පොහොර ලේකම් කාර්යාලය, ලංකා පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගම යන ආයතනවල සේවකයින්ගේ නිවාඩු මේ අනුව අවලංගු කෙරෙනු ඇති.