අධිකරණයේ පෙනී සිටින්නැයි ජොන්ස්ටන්ට සිතාසි..

අධිකරණයේ පෙනී සිටින්නැයි ජොන්ස්ටන්ට සිතාසි..

අධිකරණයේ පෙනී සිටින්නැයි ජොන්ස්ටන්ට සිතාසි..

කර්තෘ Staff writer

24 Jun, 2022 | 4:39 pm

COLOMBO (News 1st) – ලබන මස 4 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකුට කොළඹ මහාධිකරණය සිතාසි නිකුත් කළේ ය .

ඒ, සතොස ආයතනයේ සේවකයින් රාජකාරිවලින් බැහැරව දේශපාලන කටයුතුවල යොදා ගැනීමෙන් රජයට පාඩු කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට අදාළවයි.

සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ මොහොමඩ් සකීර් යන අයට සිතාසි නිකුත් කෙරිණ.

ඔවුන්ට එලෙස සිතාසි නිකුත් කෙරුණේ , නඩුවට අදාළව අධිචෝදනා භාරදීම සඳහා ය.’

2010 – 2014 කාලය තුළදී වෙළෙඳ අමාත්‍යවරයාව සිටියදී සතොස ආයතනයේ සේවකයින් නීත්‍යනුකූල රාජකාරිවලින් ඉවත් කොට දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ දූෂණය නමැති වරද සිදු කර ඇති බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩු පවරා තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]