අද (24) රාත්‍රී සිට සපුගස්කන්ද පිරිපහදුව යළි වැසේ

අද (24) රාත්‍රී සිට සපුගස්කන්ද පිරිපහදුව යළි වැසේ

by Staff Writer . 24-06-2022 | 3:33 PM

COLOMBO (News 1st) –  තවමත් බොරතෙල් නැවක පැමිණිම පිළිබඳව දැනුම් දීමක් කර නැති බැවින් අද (24) රාත්‍රියේ සිට සපුගස්කන්ද පිරිපහදුව යළි වසා දැමීමට තීරණය කළ බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉංජිනේරු සංගමය පවසයි.

එහි සාමාජික ඉංජිනේරු චන්න ප්‍රභාත් මහතා පිරිපහදුවේ ආරක්ෂිත සංචිත යොදාගෙන අඛණ්ඩව පිරිපහදුවේ කටයුතු සිදුකර ගෙන යන ලෙස පාලනාධිකාරිය දැනුම් දී ඇති බවයි. නමුත් ඔහු අවධාරණය කළේ එම ආරක්ෂිත බොරතෙල් පරිමාව යොදා ගන්නේ ඉදිරි දින 04 තුළ දැවිතෙල් නැවක් එන බවට අද උදෑසන වන විට තහවුරුවක් ලැබෙන්නේ නම් පමණක් බවයි.