by Staff Writer . 23-06-2022 | 7:47 PM
COLOMBO (News 1st) – ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත රජය විසින් පරිත්‍යාග කළ මානුෂීය ආධාර රැගත් තවත් නෞකාවක් කොළඹ වරාය බලා ගමන් ආරම්භ කළ බව ද හින්දු පුවත්පත වාර්තා කර තිබේ.
එහි දැක්වෙන්නේ එම නෞකාව ඊයේ කොළඹ වරාය බලා පිටත්ව ඇති බවයි.
අදාළ නෞකාවේ සහල් මෙට්‍රික් ටොන් 14 702 ක් , කිරිපිටි ටොන් 250 ක් සහ ඖෂධ ටොන් 38 ක් අඩංගු බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන් ය.
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත රජය විසින් පරිත්‍යාග කළ මානුෂිය ආධාර රැගෙන දිවයිනට සේන්දු වන දෙවැනි නෞකාව මෙයයි.