භූ චලනයෙන් පසු තලේබාන් ජාත්‍යන්තර සහය ඉල්ලයි

ජීවිත දහසක් මිහිදන් වූ භූ චලනයෙන් පසු තලේබාන් ජාත්‍යන්තර සහය පතයි

by Staff writer 23-06-2022 | 8:04 AM

COLOMBO (News 1st) – ඇෆ්ඝනිස්ථානයේ සිදු වූ මැග්නිටියුඩ් ඒකක 6.1 ප්‍රබලත්වයෙන් යුත් භූ චලනයෙන් පසුව තලේබාන් සංවිධානය ජාත්‍යන්තර සහය ඉල්ලා තිබේ.

මේ වන විට භූ චලනයේ බලපෑමෙන් මියගොස් ඇති පුද්ගලයින් 1000 ඉක්මවා ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. තුවාල ලබා ඇති පිරිස 1,500 කට අධික ය. විදෙස් වාර්තා සඳහන් කළේ, ඇෆ්ඝනිස්ථානයේ පක්තිකා පළාතට භූ චලනයෙන් වැඩිම බලපෑම් එල්ල වී ඇති බවයි. අධික වර්ෂාව හමුවේ සුන්බුන් අතර සිරවූවන් මුදා ගැනීමේ මෙහෙයුම්වලට බාධා එල්ල වී තිබේ. ආපදාවට ලක්වූවන්ට ආහාර හා නාවාතැන් පහසුකම් ලබාදීම කටයුතු කරමින් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ප්‍රකාශ කළේ ය. දශක දෙකකට පසුව ඇෆ්ඝනිස්ථානයට වැඩිම බලපෑමක් එල්ල වූ භූ චලනය මෙයයි.