BREAKING NEWS: අගමැතිගේ නිවස ආසන්නයේ විරෝධතාවක්

by Staff writer 22-06-2022 | 10:01 AM

COLOMBO (News 1st) – හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රමුඛ සමගි වනිතා බලවේගය අගමැති නිවස ඉදිරිපිට විරෝධතාවක නිරතව විය.

අද පෙරවරුවේ විරෝධතාවය ආරම්භ වූයේ, මෙම කාන්තා කණ්ඩායම අගමැතිවරයා වෙත සන්දේශයක් භාර දීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ කරමින් පස් වෙනි පටුමග පොලිසිය විසින් වසා දැමීමත් සමගයි. අනතුරුව විරෝධතාවේ නිරත පිරිස කොළඹ රාජකීය විද්‍යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වීමට පියවර ගත්තේ ය. ඉන් ද විසඳුමක් නොලැබීම හමුවේ විරෝධතාකරුවෝ නැවතත් අගමැතිවරයාගේ නිවසට යාමට උත්සහ කළහ. පසුව පිරිස විසිර ගියේ, අග්‍රමාත්‍යවරයාගේ නියෝජිතයෙක් පැමිණ සංදේශය භාර ගැනීමෙන් පසුවයි.