BREAKING NEWS : අගමැතිගෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්

by Staff Writer . 22-06-2022 | 12:02 PM

COLOMBO (News 1st) – ඉදිරි ආධාර සැපයීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය නියෝජිතයින් තිදෙනෙකු හෙට දිවයිනට පැමිණෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ, පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ සහල් මෙට්‍රික් ටොන් 40,000ක් පමණ ආනයනය කර රජයේ සහතික මිල යටතේ අඩු ආදායම්ලාභී පවුල් වෙත බෙදා හරින බව ද අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළේ ය.