නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානියා පත් කෙරේ

රියර් අද්මිරාල් උපුල් ද සිල්වා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරයට

by Staff Writer . 22-06-2022 | 4:57 PM

COLOMBO (News 1st) – ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහාතා විසින්  රියර් අද්මිරාල් උපුල් ද සිල්වා මහතා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කරනු ලැබ තිබේ.

නාවික හමුදාව පැවසුවේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා නාවික හමුදා මූලස්ථානයේදී එම පත්වීමේ ලිපිය රියර් අද්මිරාල් උපුල් ද සිල්වා වෙත නිල වශයෙන් ප්‍රදානය කළ බවයි. රියර් අද්මිරාල් උපුල් ද සිල්වා මහතා බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන අතර ඔහු 1986 වර්ෂයේ 15 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට එක් විය. ඔහු මූලික පුහුණුව සාර්ථක ලෙස අවසන් කර ඇත්තේ නාවික හා සාගරික විද්‍යා පීඨයෙනි. නාවිකා හමුදාවේ තනතුරු රැසක් හොබවා ඇති ඔහු දක්ෂ නිලධාරීයෙකි.