by Staff Writer . 22-06-2022 | 5:05 PM
COLOMBO (News 1st) – ද්විත්ව මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් 6 දෙනෙකු මන්නාරම, උයිලන්කුලම නොච්චිකුලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවුසවේ, කලක සිට පැවති පුද්ගලික ආරවුලක් හේතුවෙන් පසුගිය 10 වැනිදා තියුණු ආයුධවලින් පහරදී අදාළ ඝාතනය සිදුකර ඇති බවයි.
ඝාතනයට ලක්ව ඇත්තේ, 33 සහ 42 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දින මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ වන විට මෙම ඝාතන සිද්ධියට අදාළව සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර තිබේ.