by Staff Writer . 22-06-2022 | 8:00 PM
COLOMBO (News 1st) – පසුගිය මැයි 09 වැනිදා අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු වන හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නව ඇපයක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ ය.
ඒ අනුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, හිටපු අමාත්‍යවරයා රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි.
සෑම මසකම අවසන් ඉරිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උදේ 9.00 ත් දහවල් 12 ත් අතර වාර්තා කිරීමට ද මහේස්ත්‍රාතත්වරයා නියෝග කළේ ය.
සැකකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, මෙම මස 24 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙසයි.
අද මෙම නඩුව කැඳවනු ලැබුවේ මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා හමුවේයි.