ලංවිම හිටපු සභාපති ෆර්ඩිනැන්ඩු යළිත් කෝප් කමිටුවට

ලංවිම හිටපු සභාපති ෆර්ඩිනැන්ඩු යළිත් කෝප් කමිටුව හමුවට

by Staff Writer . 21-06-2022 | 4:37 PM

COLOMBO (News 1st) –  ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා යළි කෝප් කමිටුව හමුවට කැඳවීට තීරණය කර තිබේ.

ඒ අනුව ඔහු ලබන 23 වනිදා යළි කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතයි. මේ අතර මීට පෙර කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේ විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපති ෆර්ඩිනැන්ඩු මහතා කියා සිටියේ, මෙගාවොට් 500 ක පුනර්ජනනීය විදුලි ව්‍යපාතීය අදානි සමාගමට ලබාදෙන්නැයි මෝදි අගමැතිවරයා බලකරන බව ජනාධිපතිවරයා තමන්ට ප්‍රකාශ කළ බවයි. නමුත් පසුව මේ ප්‍රකාශය ඉල්ලා අස්කරගත් ෆර්ඩිනැන්ඩු මහතා කියා සිටියේ, මානසික ආතතිය මත එවැනි ප්‍රකාශයක් කළ බවයි. පසුව ජනාධිපතිවරයා ද වහා නිවේදනයක් නිකුත් කරමින් ෆර්ඩිනැන්ඩු මහතාගේ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කළේ ය. කෙසේ වෙතත් පසුව ෆර්ඩිනැන්ඩු මහතා පසුගිය 13 වැනිදා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්විය.