ජනපති අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි

ක්ෂේත්‍ර තුනක සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

by Staff Writer . 21-06-2022 | 7:58 AM

COLOMBO (News 1st) –   ක්ෂේත්‍ර තුනක සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් මහතාගේ අත්සනිනි.. ඒ අනුව, විදුලි බල සැපයීම, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම, රෝහල් ප්‍රතිකාර සේවා අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කරමින්, අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන බව සහ එම සේවාවට අවහිරයක් හෝ බාධාවක් විය හැකි බවට සැලකිල්ලට ගනිමින් මෙම සේවාවන් අත්‍යවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශයට පත් කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ තිබේ.