by Staff Writer . 21-06-2022 | 4:51 PM
COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 5.75 ක අමතර ආධාර මුදලක් ප්‍රදානය කරන බව අමෙරිකාව අද නිවේදනය කළේ ය.
ඒ, මෙරට ආර්ථික අර්බුදයෙන් දැඩි පීඩාවට පත්වූ ජනතාවගේ අවශ්‍යතා ක්ෂණික සපුරාලීම සඳහායි.
කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේ, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනය එම මුදල ප්‍රදානය කරන බවයි.
මෙම මානුෂීය ආධාර මුදල් කොටි කාලීන රැකියා සහ පීඩාවට පත් ජනතාවගේ මුලික අවශ්‍යතා සපුරාලීම සඳහා මෙන්ම බීජ වැනි කෘෂිකාර්මික සැපයුම් සෘජවුම ලබා දීමට හැකි බවයි.
ඉදිරි මාස කිහිපය තුළදී අමෙරිකාව ශ්‍රී ලංකා ජනතාවට ඔවුන්ගේ ක්ෂණික හා දිගුකාලීන අවශ්‍යතා සපුරාලීමට උපකාර වන ලෙස ශ්‍රී ලංකාවේ ආයෝජන සහ ආධාර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිමට සැලසුම් කරන බව ද, කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේ ය.
අමෙරිතකානු ජනතාවගේ ඩොලර් බිලියන 2 ක විදෙස් සහය මත ශ්‍රී ලංකාවේ සංචාරක, කුඩා ව්‍යාපාර, පුනර්ජනනීය බලශක්ති හා දේශගුණයට අනුවර්තනය වීම සහ සිවිල් සමාජය ශක්තිමත් කිරීමට හේතුවනු ඇතැයි ද, තානාපති කාර්යාලය සඳහන් කළේ ය.