by Staff writer 20-06-2022 | 2:28 PM
COLOMBO (News 1st) – ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ මුදල් අමාත්‍යාංශයේ ලෝටස් මාවත පිවිසුම් දොරටු අවහිර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, අද(20) උදෑසන අත්අඩංගුවට ගත් 21 දෙනා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවය.
පොලිස් ඒකකය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් පිරිස අතර බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් හා කාන්තාවන් 4 දෙනෙකු ද සිටින බවය.
මුදල් අමාත්‍යාංශය මෙන්ම මහා භාණ්ඩාගාරය සඳහා භාවිත කරන දොරටු 2 ද විරෝධතාකරුවන් අවහිර කර තිබූ අතර එම දොරටු ඉදිරිපිට කූඩාරම් ඉදිකර විරෝධතාව දැක්වීම නිසා අත්‍යවශ්‍ය සේවා සඳහා කාර්යාල වෙත පැමිණෙන නිලධාරින්ට බාධා එල්ල වී ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩල පිරිස සමග මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහභාගිවීමට නියමිතව තිබූ සාකච්ඡාවට පවා මේ හේතුවෙන් බාධා එල්ලවී ඇති බවය.
ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන දොරටුව අවහිර කරමින් ගෝඨාගෝගම අරගල භූමිය පිහිටූ අතර අද වනවිට එම විරෝධතාවයට දින 73 කි.