ජනපති කාර්යාලයේ සියලු පිවිසුම් අවහිර කෙරේ

'ගෝඨා ගෝ ගම'අරගලකරුවන් ජනපති කාර්යාලයේ සියලු පිවිසුම් අවහිර කරයි

by Staff Writer . 20-06-2022 | 6:54 AM

COLOMBO (News 1st) –'ගෝඨා ගෝ ගම' අරගලයේ නිරත පිරිස අද (20)අලුයම ජනාධිපති කාර්යාලයේ ‍සෙසු පිවිසුම් දෙක ද අවහිර කර ඇති බව අප වාර්තාකරුවෝ පවසති.

පොලිසිය පැවසුවේ, එම ස්ථානයේ කූඩාරම් දෙකක් ද මේ වනවිට ඉදි කර ඇති බවයි. කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ක්‍රියාත්මක ගෝඨා ගෝ ගම අරගලය අද ක්‍රියාත්මක වන්නේ, 73 වන දිනටයි. අරගලයේ නිරත පිරිස පවසන්නේ, ජනාධිපතිවරයා ඉල්ලා අස්වන වන තුරු අරගලය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.