by Staff Writer . 20-06-2022 | 10:43 PM
COLOMBO (News 1st) – අරගල බිමේදී ආරක්ෂක අංශ ඉදිරියේ අදහස් පළ කළ අමල් සාලින්ද නැමති තරුණයෙකු පොලීසිය රැගෙන ගොස් තිබේ.
ඔහු එලෙස රැගෙන ගොස් ඇත්තේ, අද පස්වරුවේයි.
මොහු ජනාධිපති කාර්යාල ගේට්ටුව අවහිර කිරීම සමග ඇති වූ සිද්ධියෙන් අත්අඩංගුවට ගත් පිරිස නිදහස් කරන ලෙස ඉල්ලා විරෝධතාවේ නිරත වූ පිරිස අතර සිටි තරුණයෙකි.
මේ අතර සර්ව පාක්ෂික අරගලකරුවන් මාධ්‍ය නිවේදනක් නිකුත් කරමින් පැවසුවේ, අද උදෑසන ජනාධිපති කාර්යාලය අවට අරගලකරුවන් රැස් වූයේ ජනාධිපතිවරයාගේ ජන්ම දින සැමරුමට සංකේතාත්මකව විරෝධය පළ කිරීමට බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින්ට හෝ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට බාධා කිරීම තම අරමුණ නොවූ බව ද සර්වපාක්ෂික අරගලකරුවෝ අවධාරණය කළහ.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් විවිධ කුමන්ත්‍රණකාරී චෝදනා මත සීමාවට ලක්කිරීමට දරණු ලබන නින්දිත උත්සහයන් අනුමත නොකරන බවයි.
ගෝඨා ගෝ ගම අරගලයේ නිරත පුද්ගලයින් 21 දෙනෙකු අත්අඩංගුවට ගැනීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව සර්වපාක්ෂික අරගලකරුවෝ සංවිධානය පවසයි.