O/L ඇගයීම් කටයුතු බාධාවකින් තොරව..

O/L ඇගයීම් කටයුතු බාධාවකින් තොරව: පරීක්ෂකවරුන්ට ඉන්ධන ලබා ගැනීමට පහසුකම් - අධ්‍යාපන අමාත්‍යාංශය

by Staff writer 19-06-2022 | 3:21 PM

COLOMBO (News 1st) – අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඇගැයීම් කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් නිහාල් රණසිංහ මහතා සඳහන් කළේ, පරීක්ෂකවරුන්ට ප්‍රමුඛතාව මත ඉන්ධන නිකුත් කරන්නැයි, සියලු පිරවුම්හල් වෙත දැනුම් දී ඇති බවයි. ඒ අනුව, විභාග රාජකාරි සඳහා නිකුත් කර ඇති පත්වීම් ලිපිය, රාජකාරි හැඳුනුම්පත හා ඉන්ධන ලබා ගැනීම සඳහා විභාග කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කර ඇති ලිපිය, ඉදිරිපත් කර විභාග කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට පහසුකම් සලසා ඇති බව ලේකම්වරයා සඳහන් කළේ ය. විභාග ඇගැයීම් කටයුතු බාධාවකින් තොරව සිදු කර ගැනීමට අවශ්‍ය සහය ලබා දෙන්නැයි විභාග දෙපාර්තමේන්තුව සියලු ඉන්ධනහල් හිමියන්ගෙන් ද ඉල්ලීමක් කරයි. සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් කටයුතු පෙරේදා ආරම්භ විය.