හෙට සිට ලයිට් කැපෙන්නේ මෙහෙමයි..

හෙට සිට පැය 02 යි විනාඩි 30ක දෛනික විදුලිය කප්පාදුවක්..

by Staff writer 19-06-2022 | 6:03 PM

COLOMBO (News 1st) – හෙට(20) සිට දහවල් 12.00ත් රාත්‍රී 10.30ත් අතර කාලය තුළ දක්වා පැය 02 යි විනාඩි 30ක දෛනික විදුලිය කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම(PUCSL) පවසයි.

මේ අතර හෙට(20) සිට පෙරවරු 7.00 සිට දහවල් 12.00 දක්වා විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව ද මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි. ඒ, පාසල් දරුවන්ගේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු හේතුවෙනි.