by Staff Writer . 19-06-2022 | 3:45 PM
COLOMBO (News 1st) – රථ වාහන, ඉන්ධන පිරවුම්හල් වෙත ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇතැයි, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
එම සංස්ථාව සඳහන් කළේ, ත්‍රිරෝද රථ , සිය බල ප්‍රදේශයට අයත් පොලිසියේ ලියාපදිංචි විය යුතු බවයි.
පෞද්ගලික බස්රථ, සංචාරක බස්රථ , පාසල් වෑන් රථ සිය ප්‍රදේශයේ ලංගම ඩිපෝ වෙත පැමිණ ලියාපදිංචි විය යුතු බව ද ඛණිජ තෙල් සංස්ථාව පවසයි.
සංස්ථාව පවසන්නේ, රට තුළ ප්‍රමාණවත් ඩීසල් සංචිත තවදුරටත් පවතින බවත්, ඊයේ දිනය තුළ පමණක් ඩීසල් මෙට්‍රික් ටොන් 6,000 කට අධික තොගයක් රට පුරා බෙදා හැරීමට පියවර ගත් බවත් ය.
එය සාමාන්‍ය දිනයකට සාපේක්ෂව ටොන් දහසක පමණ වැඩිවීමකි.
කෙසේ වෙතත් පෙට්‍රල්වල යම් හිඟයක් පැවතීම හේතුවෙන් දිවයින පුරා පෙට්‍රල් නිකුත් කිරීම යම් සීමාවන්ට යටත්ව සිදුකරන බව සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේ ය.
මේ අතර පෙට්‍රල් රැගත් නෞකාවක් ලබන 22 දා හෝ 23 වන දා මෙරටට ළඟා වනු ඇති.
වාහනවල අංක තහඩුවේ අවසන් අංකය අනුව සතියේ දින ලබාදෙමින් ඉන්ධන නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි ඛණිජ තෙල් සංස්ථාව ප්‍රකාශ කළේ ය.
එම සංස්ථාව සඳහන් කළේ එම කටයුතු වඩාත් විධිමත්ව සිදු කිරීම සම්බන්ධයෙන් මේ වනවිට අධ්‍යයන කරමින් සිටින බවයි.
දැනට රට තුළ පවතින ඉන්ධන අර්බුදය සමනයවීමත් සමග නව ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට බලශක්ති අමාත්‍යාංශය කටයුතු කරනු ඇතැයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පැවසී ය.
එම සංස්ථාව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අනිසි තොග රැස් කිරීම්වලින් තොරව අවශ්‍යතාවය මත පමණක් ඉන්ධන ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි.