by Staff Writer . 19-06-2022 | 11:48 AM
COLOMBO (News 1st) – ප්‍රවීණ රංගන ශිල්පිනී ලියෝනි කොතලාවල (78) මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
කලක් රෝගාතුරව සිටි ඇය අභාවප්‍රාප්ත වී ඇත්තේ, අද අලුයමයි.
වයස අවුරුදු හතේදී ළමා ශිල්පිනියක ලෙස ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව හා සම්බන්ධ වන ඇය වේදිකාවට පා තබන්නේ ජී. ඩී. එල්. පෙරේරාගේ සාමා නාට්‍යයෙනි.
1962 වසරේදී මෙහෙව් ලෝකය වේදිකා නාට්‍යයේ ප්‍රතිභාන්විත රංගනය වෙනුවෙන් ලියෝනි කොතලාවල මහත්මිය හොඳම නිළියට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ, සම්මානයකට පාත්‍ර වූ මෙරට ප්‍රථම වේදිකා රංගන ශිල්පිනිය බවට පත්වෙමිනි.
සාමා සිනමා පටයෙන් රිදී තිරයට පා තැබූ ඇය, පුංචි තිරයට ද නැතිවම බැරි චරිතයක් වූවා ය.
ලූෂන් බුලත්සිංහලයන්ගේ සෝමාගේ සිහිනය ටෙලි නාට්‍යයෙන් පුංචි තිරයට අවතීර්ණ වූ ලියෝනි කුමාරිහාමි, චරිත තුනක්, නෑදෑයෝ, වජිරා ආදී ටෙලි නිර්මාණ රැසකට රංගන දායකත්වය ලබාදුන්නා ය.
හඬ නිළියක ලෙසින් ගුවන් විදුලි නාට්‍ය රැසකට දායකවූ ඇය, ජනාධිපති සම්මානයට ද පාත්‍ර වූවා ය.
පසුගිය 2021 වසරේ පැවති රයිගම් ටෙලි සම්මාන උළෙලේදී කලාකරුවෙකුට ජීවිතයේ එක් වරක් පමණක් පිදෙන රයිගම් විශේෂ ප්‍රණාම සම්මානයෙන් ලියෝනි කොතලාවල මහත්මිය පිදුම් ලැබුවා ය.