by Staff writer 19-06-2022 | 3:21 PM
COLOMBO (News 1st) – දැරණියගල, බොරලංකඩ ප්‍රදේශයේ දී මුඟුරකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කර තිබේ.
පොලීසිය පැවසුවේ පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් අදාළ ඝාතනය සිදුව ඇති බවයි.
පහරදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව පොලිසිය පැවසුවේ ය
මියගොස් ඇත්තේ 24 හැවිරිදි බොරලංකඩ , දෙහිඕවිට පදිංචිකරුවෙකි.
ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.