ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්..

ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්..

by Staff writer 19-06-2022 | 10:30 PM

COLOMBO (News 1st) – ඕස්ට්‍රේලියාවට එරෙහි 03 වැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 6ක විශිෂ්ට ජයක් හිමිවිය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 291 කි. 30 වැනි එක් දින අර්ධ ශතකය ද සමගින් ෆින්ච් ලකුණු 62ක් රැස් කළේ ය. ට්‍රැවිස් හෙඩ් නොදැවී වේගවත් ලකුණු 70ක් රැස් කළ අතර ජෙෆ්රි වැන්ඩසේ කඩුලු 3ක් දවා ගත්හ. ලකුණු 292 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසු කළේ ය. කුසල් මෙන්ඩිස් ලකුණු 87ක් රැස් කරගෙන සිටියදී පිටියෙන් ඉවත් වීමට සිදු වූයේ ආබාධයකට ලක් වීම හේතුවෙනි. ලකුණු 137 ක් රැස් කරමින්  පැතුම් නිශ්ශංක ලබා ගත්තේ මංගල එක් දින ශතකයයි. මෙම තරගය දෙරට අතර පැවැති සිය වැනි එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ද වේ.