ඉදිරි සතියේ සජබ විරෝධතා මාලාවක් රටපුරා

ඉදිරි සතියේ සජබ රටපුරා විරෝධතා මාලාවක් ඇරඹීමට සූදානම්

by Staff Writer . 19-06-2022 | 11:27 AM

COLOMBO (News 1st) – දිගින් දිගටම ජනතතාව පීඩාවට පත් කරමින් ජනාධිපතිවරයා, අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙළට එරෙහිව ඉදිරි සතියේ සිට රට පුරා දැවැන්ත විරෝධතා මාලාවක් ආරම්භ කරන බව සමගි ජන බලවේගය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ, දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ සහ අරගලයේ නිරත කණ්ඩායම් සමග සාකච්ජා කර කඩිනමින් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවිම සඳහා සාකච්ජා ආරම්භ කර ඇති බවයි. රටේ වත්මන් තත්ත්වය හමුවේ විපක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව විපක්ෂ නායකවරයා හෙට දිනයේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරිමට නියමිතව ඇතැයි ද රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ ය.