by Staff writer 19-06-2022 | 5:30 PM
COLOMBO (News 1st) – අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රට පුරා බෙදාහැරීම සඳහා සුදුසු වැඩපිළිවෙලක් සකස් කරන්නැයි, දිසාපතිවරුන්ට දැනුම් දී තිබේ.
වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ, පවතින ඉන්ධන අර්බුදය හමුවේ, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රට පුරා බෙදාහැරීමට බාධා එල්ල වී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර, ඛනිජ තෙල් නිතීගත සංස්ථාවේ ප්‍රාදේශීය කළමනාකරුවන් සමග ඒකාබද්ධව සුදුසු වැඩපිළිවෙළක් සකස් කරන්නැයි, දිසාපතිවරුන්ට දැනුම් දුන් බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
මේ අතර, ඉන්දීය ණය ගිවිසුම යටතේ මෙරටට හිමිවන සීනි තොග ඉදිරි සතියේ මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, ඉන්දියාව සිය අපනයන සීමා කිරීම හමුවේ, සීනි තොගය මෙරටට ගෙන්වා ගැනීම ප්‍රමාද වී ඇති බවය.