අදත් පෞද්ගලික බස් ධාවනයට බාධා..

ඩීසල් අර්බුදයෙන් අදත් පෞද්ගලික බස් ධාවනයට බාධා..

by Staff writer 18-06-2022 | 8:33 AM

COLOMBO (News 1st) – ඉන්ධන අර්බුදය හේතුවෙන් අද(18) දිනයේත් පෞද්ගලික බස් රථ ධාවනය සීමා කිරීමට සිදුව ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, අද දිනයේ පෞද්ගලික බස් ධාවනය 15 %ත් 20% ත් අතර සංඛ්‍යාවකට සීමාවන බවයි. ජාතික ගමනාගමන කොමිෂන් සභාව් අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා පැවසුවේ, ඉන්ධන සපයා ගැනීම අනුව අන්තර් පළාත් බස් ධාවනය සිදු කෙරෙන බවයි.