කොළඹ ඇතුළු තදාසන්න නගරවල පාසල් ලබන සතියේ නිවාඩු

කොළඹ ඇතුළු තදාසන්න නගරවල පාසල් ලබන සතියේ නිවාඩු

by Staff writer 18-06-2022 | 1:47 PM

COLOMBO (News 1st) – කොළඹ ඇතුළු තදාසන්න නගරවල රජයේ සහ රජය අනුමත සියලු පෞද්ගලික පාසල්වලට ලබන සතියේ නිවාඩු ලබා දීමට අද(18) තීරණය කෙරිණ.

ඒ, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සහ අමාත්‍යාංශය ලේකම් නිහාල් රණසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති Zoom සාකච්ඡාවකදී ය. ප්‍රවාහන අපහසුතා බලනොපාන ග්‍රාමීය පාසල් පවත්වාගෙන යාමටත්, කොළඹ හා නගරබද සෙසු පාසල් ඉදිරි සතියේ නිවාඩු ලබාදී Online ක්‍රමයට අධ්‍යයන කටයුතු ක්‍රියාත්මක කිරීමට අදාළ අනුමැතිය ලබාදුන් බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ ය. ඒ අනුව පෙරවරු 8.00 සිට පස්වරු 1.30 දක්වා විදුලි කප්පාදු නොකරන ලෙසට ද මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලීමක් කිරීමට ද තීරණය කර තිබේ. ඉදිරි සතිය තුළ පාසල් කටයුතු එලෙස ක්‍රියාත්මක කර ලබන සෙනසුරාදා පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු ඊළඟ සතියේ කටයුතු කරන ආකාරය පිළිබඳව තීරණය කරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නිහාල් රණසිංහ මහතා සඳහන් කළේ ය.