by Staff writer 18-06-2022 | 4:16 PM
COLOMBO (News 1st) - පසුගිය 09 සහ 10 දෙදින තුළ කොටුව පොලිස් මූලස්ථානය ඉදිරිපිට හා ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙමින් රජයේ දේපොළවලට හානි කිරීම සම්බන්ධයෙන් හඳුනාගත් සැකකරුවන් පිරිසක් පිළිබඳ පොලීසිය බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.
එලෙස නම් කළ සැකකරුවන් වන්නේ, වසන්ත මුදලිගේ, ළහිරු වීරසේකර, රතිඳු සේනාරත්න නොහොත් රැට්ටා, ජගත් මණුවර්ණ, ධම්මික මුණසිංහ, රත්කරව්වේ ජිනරතන හිමි, එරංග ගුණසේකර, ජෙහාන් අප්පුහාමි හා ගල්වැව සිරිධම්ම හිමි යන පිරිසයි.
මේ අතරින් වසන්ත මුදලිගේ පසුගිය 09 වැනි දා සහ 10 වැනි දා සිදු කරන ලද විරෝධතා දෙකටම අදාළව හඳුනාගත් සැකකරුවෙකු ලෙස නම් කර ඇත.
සෙසු පිරිස පසුගිය 09 වැනි දා පොලිස් මූලස්ථානය ඉදිරිපිට සිදු කරන ලද විරෝධතා සම්බන්ධයෙන් හඳුනාගත් සැකකරුවන් බව පොලීසිය පැවසුවේ ය.
මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා මේ වනවිටත් නියෝග කර ඇති අතර කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව ලබන මස 05 වැනි දින යළි කැඳවීමට නියමිත බව පොලිස් මූලස්ථානය සඳහන් කළේ ය.
කොටුව හා තලංගම යන පොලිස් බල ප්‍රදේශවලදී සිදු වූ මෙම විරෝධතාවන්වලදී දණ්ඩ නීති සංග්‍රහයේ වැරදි වන නීති විරෝධී රැස්වීමක සාමාජිකයින් වෙමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සාපරාධී බලහත්කාරය පෑම, තුවාල සිදු කිරීම, අයුතු අවහිර කිරීම ආදී වැරදි රාශියක් සැකකරුවන් විසින් සිදුකර ඇති බව නිරීක්ෂණය වී ඇති බව පොලීසිය අධිකරණයට දැනුම් දී තිබේ.