by Staff Writer . 18-06-2022 | 8:06 PM
COLOMBO (News 1st) – රජය සහ නීතිය ක්රියාත්මක කරන ආයතන කෙරෙහි මහජනයා අතර නිර්මාණය වෙමින් තිබෙන දැඩි අවිශ්වාස නිසා භයානක ප්රතිඵල ඇති විය හැකි බව ශ්රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ පවත්නා තත්ත්වයේ බැරෑරුම්කම ජනතාවට හෙළිදරව් කරනවට අමතරව,අර්බුදයෙන් රට මුදවා ගැනීමට ගනු ලබන ක්රියාමාර්ග සහ එහි ප්රගතිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වැදගත් බවයි.
මෙම අර්බුද විසඳීම සඳහා කටයුතු කිරීමේදී මහජනතාව තුළ විශ්වාසය නැවත තහවුරු කිරීම ඉතා වැදගත් බව නීතිඥ සංගමය පෙන්වා දෙයි.