by Staff writer 18-06-2022 | 5:03 PM
COLOMBO (News 1st) - පවතින ඉන්ධන අර්බුදය හමුවේ නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදයකට යොමුවන්නැයි පෞද්ගලික අංශයෙන් ඉල්ලා සිටින බව කම්කරු අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශ ලේකම් ඒ.ජේ. විමලවීර මහතා පැවසුවේ, රාජ්‍ය අංශය සම්බන්ධයෙන් ගෙන ඇති තීරණ පෞද්ගලික අංශයට කිසිසේත් බලනොපාන බවය.
එහෙත් රටේ පවතින වර්තමාන අර්බුදය සැලකිල්ලට ගෙන එම තත්ත්වය සමනය වනතෙක් රජයට අවශ්‍ය සහය ලබා දෙන්නැයි පෞද්ගලික අංශයෙන් ඉල්ලා සිටින බව අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවේ ය.
ඔහු සඳහන් කළේ, ආයතනික කටයුතු පවත්වාගෙන යාමට බාධාවක් නොවන අයුරින් සුදුසු වැඩපිළිවෙළක් අනුගමනය කරන්නැයි රජය පෞද්ගලික අංශයෙන් ඉල්ලා සිටින බවයි.