by Staff writer 18-06-2022 | 8:31 PM
COLOMBO (News 1st) – ඉන්ධන ලබා ගැනීමට අතුරුගිරිය පිරවුම්හලකට පැමිණි ජනතාව හා පොලිසිය අතර ඇති වූ කලහකාරි ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 07 දෙනෙකු ලබන සඳුදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ සැකකරුවන් කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් නදීක ජයවර්ධන මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
අත්අඩංගුවට ගත් කාන්තාවක සහ එක් පුද්ගලයෙකු නඩුවෙන් නිදහස් කිරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන තොග අවසන් බව පැවසීමත් සමග ඊයේ රාත්‍රී ජනතාව අතර සිටි පිරිසක් ඉන්ධන පිරවුම්හලේ ආරක්ෂිත වැට කඩා ඇතුළුවී එහි සිටි පොලිස් නිලධාරීන්ට පහරදුන් බවයි.
ඉන් පසු පිරිස පාලනය කිරීම සඳහා පොලීසිය ක්‍රියා කළ බව ද ඔහු පැවසුවේ ය.
එහිදී සිදු වූ පහරදීම්වලින් පොලිස් නිලධාරීන් 6 දෙනෙකු තුවාල ලැබී ය.