by Staff writer 17-06-2022 | 9:58 PM
COLOMBO (News 1st) - බත් ටික තම්බ ගත්තම කන්නේ මොනවත් එක්ක ද?
අද බොහෝ ගෙවල්වල තියෙන පොදු ප්‍රශ්නය මෙයයි.
නොච්චියාගම, හල්මිල්ලකුලම තමරා කුමාරිගේ ගෙදර තවත් කුමාරියක් වැඩිවියට පත් විය.
ඒත් මල්වර මංගල්‍යයක් නැත.
එදාවේල කන්නෙත් ඉඳලා හිටලාය.
ඒ කන්නෙත් බත් පමණි. වෑංජන නැත.
මේ ගෙදර තාත්තා කළේ පොල් ගස් නගින එකයි.
එහෙම හොයන සොච්චමෙන් ළමයි හය දෙනයි කුමාරියි යාන්තම් ජීවිතය ගැට ගහගන්නවාය.
මේ ගෙදර තියෙන්නෙ ඉටිකොළ බිත්ති යි.
මේ දරුවන් බඩගින්නේ ඉන්න දවස් ගාන ගැන සියලු විත්ති දන්නේ මේ ඉටිකොළ බිත්ති.
දරුවෝ කඳුළු පෙරන්නේ මේ ඉටිකොලේට හේත්තු වෙලාය.
දරුවෝ පස් දෙනෙක්ම ඉන්නේ ඉස්කෝලෙ යන වයසේය.
ඒත් දරුවන්ට පොත් නොමැත. පාරේ බස් නැත.
ඇවිදලාම සපත්තු ගෙවිලා.
බත් නැති ගෙදරට පොත් ගේන්නේ කොහොම ද?
මේකයි බොහෝ ගෙවල්වල තත්ත්වය.