රට Lockdown කරයි ද?

ඉදිරි සති 2 රට Lockdown කරන සූදානමක් තියෙනවාද?

by Staff writer 17-06-2022 | 9:47 PM

COLOMBO (News 1st) - ඉදිරි සති දෙක රට ලොක්ඩවුන් කරන සැලසුමක් ගැන සකච්ඡා කර නොමැති බව වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, සඳුදා (20) කැබිනට් මණ්ඩලයේදී ඒ ගැන දැනගන්නට හැකි වන බවයි. එවැනි දෙයක් තනියෙන් තීන්දු කිරීමට නොහැකි බවත් එය සාමුහිකව කැබිනට් මණ්ඩලයේ තීන්දු කළ යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.