අමෙරිකානු යුද විරුවන් තිදෙනෙකු අතුරුදන්

අමෙරිකානු යුද විරුවන් තිදෙනෙකු යුක්‍රේනයේදී අතරුදන්

by Staff Writer . 17-06-2022 | 8:00 AM

COLOMBO (News 1st) - අමෙරිකානු යුද විරුවන් තිදෙනෙකු යුක්‍රේනයේදී අතුරුදන් වී තිබේ.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ,ඔවුන් රුසියානු හමුදා භාරයට ගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි. රුසියාවට එරෙහි සටන් කිරීම සඳහා ඔවුන් පසුගිය දා ස්වේච්ඡාවෙන් යුක්‍රේනය බලා පිටත්ව ගොස් තිබේ. කෙසේ වෙතත් යුක්‍රේනයේදී අල්ලා ගත් සිය පුරවැසියන්ට "මානුෂික ලෙස සලකන" ලෙස අමෙරිකාව රුසියාවෙන් ඉල්ලා සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.