by Staff writer 16-06-2022 | 5:34 PM
COLOMBO (News 1st) – හෙට (17) සිට මාස තුනක කාලයක් සඳහා සෑම සතියකම සිකුරාදා රජයේ කාර්යාල වසා තබන්නැයි ප්‍රකාශයට පත් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
ඒ, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා විසින්, සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙතයි.
ඉන්ධන අර්බුදයත් සමග ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ මතුව ඇති ගැටලු හේතුවෙන් සෑම සිකුරාදා දිනකම නිවසේ සිට කෘෂිකාර්මික කටයුතුවල නිරත වීමට රාජ්‍ය සේවකයින්ට අවස්ථාව හිමි වේ.
එහෙත්, අත්‍යවශ්‍ය සේවා සහ අමාත්‍යාංශ ලේකම්වරයෙකු විසින් සිකුරාදා විවෘතව තැබිය යුතු බවට තීරණය කළ ආයතනවලට එම චක්‍රලේඛය අදාළ වන්නේ නැහැ.
වසා තැබෙන කාලසීමාව තුළ නිලධාරීන් කැඳවීම ද සීමා කර පිරිවැය අඩුකරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුම් දෙයි.
සිකුරාදා වසා තබන කාර්යාලවල නිලධාරීන් එම දිනයේදී හෝ ඉන් පසු එළඹෙන සෙනසුරාදා හෝ ඉරිදා දිනවල අතිකාල පදනමින් හෝ නිවාඩු දින වැටුප් ගෙවීමේ පදනමින් සේවයේ නොයෙදවිය යුතු බව ද අදාළ චක්‍රලේඛයේ සඳහන් ය.
ඊට අමතරව නිවසේ සිට රාජකාරී කිරීමට යොදවා ඇති නිලධාරීන් ද අතිකාල පදනමින් හෝ නිවාඩු දිනවල වැටුප් ගෙවීමේ පදනමින් සෙනසුරාදා, ඉරිදා හෝ නිවාඩු දිනවල සේවයේ නොයෙදිය යුතුයි.
සතියේ වැඩ කරන දින පහ තුළට සිකුරාදා නොවන රජයේ නිවාඩු දිනයක් හෝ දින කිහිපයක් යෙදුණහොත් එම සතියේ සිකුරාදා දිනය සාමාන්‍ය වැඩ කරන දිනයක් සේ සළකා කාර්යාල විවෘත කළ යුතු ය.
නව චක්‍රලේඛයත් සමග රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩල සීමා කිරීම සම්බන්ධයෙන් මැයි 5 වැනිදා නිකුත් කළ චක්‍රලේඛය අවලංගු කෙරෙනු ඇති.
මේ අතර අත්‍යවශ්‍ය , අවම සේවක පිරිසක් කැදවා අධිකරණ කටයුතු සතියේ දින පහ තුළ සාමාන්‍ය පරිදි සිදු කිරිමට අවශ්‍ය පියවර ගන්නැයි අධිකරණ සේවා කොමිසන් සභාව උපදෙස් දී තිබේ.
ඒ, සියලු මහාධිකරණ විනිසුරුවරුන්, අධිකරණ නිලධාරින්, කම්කරු විනිශ්චාධිකාර සභාපතිවරුන් සහ රෙජිස්ට්‍රාර් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත චක්‍ර ලේඛයක් නිකුත් කරමින් ය.