සැමියෙක් ගෙල සිරකර 20හැවිරිදි සිය බිරිඳ ඝාතනය කරයි

සැමියෙක් ගෙල සිර කර 20 හැවිරිදි සිය බිරිඳ ඝාතනය කරයි

by Staff writer 16-06-2022 | 5:29 PM

COLOMBO (News 1st) – කොක්කඩිචෝලේ , මහිලඩිතිව් ප්‍රදේශයේදි සැමියා සිය බිරිඳ ඝාතනය කර තිබේ.

පොලිසිය සඳහන් කළේ, පවුල් ආරවුලක් දුරදිගයාමෙන් සැමියා බිරිඳගේ ගෙල සිරකර මෙම ඝාතනය සිදු කර ඇති බවයි. මියගොස් ඇත්තේ, 20 හැවිරිදි කාන්තාවකි. සිද්ධිය සම්බන්ධයෙන් සැමියා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද(16) කොක්කඩිචෝලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.