විදුලි කප්පාදුව තවත් දිගු වෙයි ද?

විදුලි කප්පාදුව තවත් දිගු වෙයි ද?

by Staff writer 16-06-2022 | 4:49 PM

COLOMBO (News 1st) – නොරොච්චෝලේ යළි අක්‍රීය කිරීමේ අවශ්‍යතාවක් පැන නගින බැවින් විදුලි කප්පාදුව තවදුරටත් වැඩි විය හැකි බවට විදුලි ඉංජිනේරුවරු අනතුරු අඟවති.

ඔවුන් ඒ බව සඳහන් කළේ, ඊයේ තලවතුගොඩ පැවැත් වුණු විදුලි අර්බුදයට විසඳුමි සෙවීම සඳහා 43 වන සේනාංකය විසින් සංවිධානය කළ දේශනයකදීයි. මේ අතර විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා පැවසුවේ, නඩත්තු කටයුත්තක් හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අනිද්දා (18) සිට අක්‍රීය කරන බවයි.