by Staff Writer . 16-06-2022 | 10:25 AM
COLOMBO (News 1st) – ඉන්ධන නොමැති වීමෙන් අද දිනයේත් පොදු ප්‍රවාහන සේවා පවත්වා ගෙන යෑමට නොහැකි තත්ත්වයක් මතුව තිබේ.
මේ හේතුවෙන් කාර්යාලීය සේවා සඳහා කොළඹ පැමිණෙන ජනතාව සහ පාසල් සිසුහු දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති.
අද දිනයේ අන්තර් පළාත් පෞද්ගලික බස් ධාවනය 70 % කින් පමණ අඩුවී ඇතැයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ කමාන්ඩර් නිලාන් මිරෙන්ඩා මහතා ප්‍රකාශ කළේ ය.
මේ අතර ඉන්දියාවෙන් ලබාගත් ඩොලර් මිලියන 700 ක ණය පහසුකමට අදාළව ලැබෙන අවසන් ඩීසල් නැව අද කොළඹට ළඟා වීමට නියමිතව තිබේ.
ඒ මගින් රැගෙන එන ඩීසල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 40,000 කි.
කෙසේවෙතත් පෙට්‍රල් නැවක් පැමිණෙන නිශ්චිත දිනයක් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.
අද පැමිණෙන නෞකාවේ ඩීසල් බෙදා හැරීමේ කටයුතු සඳහා තවත් දින 03 ක් පමණගත වනු ඇතැයි ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ ය.
එවැනි පසුබිමක් තුළ ඉන්ධන ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ජනතාව තවදුරත් පෝලීම්වල රැඳී සිටී.