by Sagarika Chathumali 15-06-2022 | 2:13 PM
COLOMBO (News 1st) – නීති විරෝධීව මුහුදු මගින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 64 දෙනෙකු නාවික හමුදාව සිය භාරයට ගෙන තිබේ.
ඒ, නාවික හමුදාව අද (15) අලුයම නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ය.
අද අලුයම ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ මුර සංචාරයකදී සැකකටයුතු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නිරීක්‍ෂණය කර ඇති නාවික හමුදාව පසුව එය පරීක්‍ෂාවට ලක් කර තිබේ.
එහිදී, එම බහුදින ධීවර යාත්‍රාවේ සිටි ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් හත් දෙනෙකු ඇතුළුව පිරිමි පුද්ගලයන් 50ක්, කාත්තාවන් 11ක්, ළමුන් 03 දෙනකු බහුදින ධීවර යාත්‍රාව ද සමග නාවික හමුදා භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස, ත්‍රිකුණාමලය, මුලතිව් සහ යාපනය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇති අතර පිරිස ත්‍රිකුණාමලය වරාය පොලිසියට භාරදීමට නියමිත බව නාවික හමුදාව පැවසී ය.
තවද, ජාවාරම්කරුවන්ගේ කූට උපක්‍රමවලට හසුවී, නීති විරෝධී සහ ඉතා අවදානම් සහගත ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කර නීතිය හමුවේ වරදකරුවන් විමෙන් වළකින ලෙස නාවික හමුදාව මහජනතාව වෙත අවධාරණය කරනු ලබයි.