අදත් ලිට්‍රෝ ගෑස් බෙදා හැරීමක් නැහැ

ගෑස් ගොඩබා අවසන් නෑ... අදත් ගෑස් බෙදිල්ලක් නැහැ

by Staff writer 15-06-2022 | 7:20 AM

COLOMBO (News 1st) - අද දිනයේත් ගෑස් වෙළෙඳපොළට නිකුත් කිරීමට හැකියාවක් නොමැති බව ලිට්‍රෝ සමාගම පවසයි.

ඒ, දින 7 ක් කෙරවලපිටිය තල්දියවත්ත මුහුදු සීමාවේ නැංගුරම්ලා තිබූ නෞකාවට මුදල් ගෙවා නිදහස් කරගත්ත ද එහි ගෑස් ගොඩබෑමේ කටයුතු තවමත් අවසන් නොවීම හේතුවෙනි. අදාළ නෞකාවට අමෙරිකානු ඩොලර් මිලියන 3.9 ක් ගෙවීමට ලිට්‍රෝ සමාගම පියවර ගත්තේ ය. පසුගිය 07 වැනි දා මෙරටට පැමිණි එම නෞකාවට ප්‍රමාද ගාස්තු ලෙස ගෙවීමට සිදු වූ මුදල රුපියල් කෝටි 2ට ආසන්නයි. මේ අතර ඉන්ධන අර්බුදය හේතුවෙන් ගෑස් බෙදා හැරීමේ කටයුතුවලට බාධා මතුව ඇතැයි ලාෆ් සමාගම ප්‍රකාශ කළේ ය. එම සමාගම පැවසුවේ, මේ හේතුවෙන් දෛනිකව දිවයින පුරා බෙදා හැරිය හැකි ගෑස් ප්‍රමාණය නිශ්චිතව කිව නොහැකි බවයි. එවැනි පසුබිමක් තුළ ගෑස් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ජනතාව තවදුරටත් දිගු පෝලිම්වල රැඳී සිටී.