by Staff Writer . 15-06-2022 | 10:44 AM
COLOMBO (News 1st); ගාලු පාර දෙහිවල ප්‍රදේශයෙන් මුළුමනින්ම අවහිර කරමින් ඉන්ධන ලබා දෙන්නැයි ඉල්ලමින් පිරිසක් මේ වන විට විරෝධතාවක නිරත වේ.
උද්ගතව ඇති තත්ත්වය හමුවේ පොලිසිය දැනුම් දෙන්නේ, ගාලු පාර ඔස්සේ කොළඹට පැමිණෙන රථ වාහනවලට විකල්ප මාර්ග භාවිත කරන්න ලෙසයි.
මේ අතර, ඉන්ධන ඉල්ලා පංචිකාවත්ත මංන්ධියෙන් ද මාර්ගය අවහිර කරමින් ජනතාව විරෝධතාවක නිරත විය.
පිරිස පැය භාගයකට ආසන්න කාලයක් විරෝධතාවයේ නිරත වූ බව අප වාර්තාකරු පැවසී ය.
පසුව පොලිසිය පැමිණ පැයකින් ඉන්ධන ලබා දීමේ පොරොන්දුව මත ජනතාව මාර්ගය නැවත ගමනාගමනය සඳහා විවෘත කර තිබේ.