ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

ගම්පහ ප්‍රදේශ කිහිපයකට අද පැය 16 ක ජල කප්පාදුවක්

by Staff writer 15-06-2022 | 11:47 AM

COLOMBO (News 1st) - ගම්පහ ප්‍රදේශ කිහිපයකට අද (15) පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව අද පස්වරු 2.00 සිට හෙට උදෑසන 6.00 දක්වා පැය 16 ක් ගම්පහ මහ නගර සභා සීමාව, කොළඹ - නුවර මාර්ගයේ මිරිස්වත්ත හන්දියේ සිට අළුත්ගම බෝගමුව පල්ලිය පාර දක්වා ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති. කොළඹ - නුවර මාර්ගයේ යක්කල පාලමේ ජල නල පද්ධතියේ වැඩි දියුණු කිරීමක් ජල සැපයුම අත්හිටුවීමට හේතුවී ඇතැයි ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය සඳහන් කළේ ය.