by Staff writer 15-06-2022 | 7:33 AM
COLOMBO (News 1st) - දිවයින පුරා රෝහල්වල පවතින ඖෂධ හිඟය ඉදිරි සති 6 ඇතුළත සම්පුර්ණයෙන්ම මගහරවා ගැනීමට හැකි වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි.
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ, ඖෂධ ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය මුදල් මේ වනවිට ලැබී ඇති බවය.
අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 14 ක් මේ වනවිට අවශ්‍ය ප්‍රමාණයටම පවතින බව ඔහු ප්‍රකාශ කළේ ය.
කෙසේවෙතත් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ තවත් ඖෂධ වර්ග 186 ක හිඟයක් ඇති බවයි.
එම ඖෂධ වර්ග ද කඩිනමින් ගෙන්වා ගන්නා බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.